උත්සව සමයේ රථවාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන විශේෂ රථවාහන මෙහෙයුම යටතේ රියදුරන් 5,415 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
ඒ, ඊයේ පෙරවරු 06 සිට අද පෙරවරු 06න් අවසන් වූ පැය 24ක කාලයට අදාළවයි.
එහිදී බීමත් රියදුරන් 509 දෙනෙකු, අපරික්‍ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීමට අදාළව රියදුරන් 29 දෙනෙකු,
අධික වේගයෙන් රිය පැදවීම හේතුවෙන් රියදුරන් 59 දෙනෙකු,
මාර්ග නීති උල්ලංඝණය කිරීමට අදාළව රියදුරන් 762ක්, බලපත්‍ර වැරදි සම්බන්ධ රියදුරන් 345ක් සහ වෙනත් වැරදි සම්බන්ධ රියදුරන් 3,711 දෙනෙකුට එලෙස නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි පොලීසිය පවසන්නේ.