ගුවන් තොටුපලේ හැරදමා ගිය මගී ගමන් මලු අලෙවි කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සිදුකෙරෙන්නා වූ වංචාව සම්බන්ධයෙන් ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා
එම නිවේදනය පහතින්
උපුටා ගැනීම
ගුවන් තොටුපලේ හැරදමා ගිය මගී ගමන් මලු අලෙවි කිරීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය හරහා සිදුකෙරෙන්නා වූ වංචාව සම්බන්ධයෙන් පොදු මහජනතාව දැනුවත් කිරීම.
ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම යටතේ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) මඟින්ට හිමිකම් කීමට නොහැකි හැරදමා ගිය මගී ගමන් මලූ රුපියල් 1000 වැනි අඩු මුදලකට අලෙවි කරන බවව්නි, ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිල නාමය සහ නිල ලාංජනයන් භාවිත කරමින් සහ අපගේ නිළ සමාජ මාධ්‍ය පිටු සහ වෙබ් අඩව් වලට සමාන ප්රතිරූපයන් ගෙන් යුත් ව්‍යාජ සමාජ මාධ්‍ය පිටු භාවිත කරමින් සාවද්‍ය ලෙස සංසරණය වන වංචාවක් පිළිබඳව අපගේ දැඩි නිරීක්ෂණයට ලක්ව ඇත.
මේ පිළිබඳව සහ මෙම වංචාවට හසු නොවන ලෙස පොදු මහජනතාවට අනතුරු හගවමින් දිගින් දිගටම අපගේ නිල සමාජ මාධ්‍ය පිටු හරහා දැනුවත් කිරීම සිදු කළද දිනෙන් දින විවිධ ස්වරූපයෙන් මෙම වංචාව සිදුවන අතර, මෙම වංචාකාරී ක්‍රියාවට හසු නොවන ලෙසත් එසේ කිසිදු ආකාරයක ක්‍රියාවලියක් අප විසින් සිදු නොකරන බවටත් පොදු මහජනතාවට මෙයින් අවධාරණය කර සිටීමට කැමැත්තෙමු.
තවදුරටත්, මෙම කරුණ සම්බන්ධයෙන් අදාළ නීතිමය පියවරයන් සඳහා විමර්ශන කණ්ඩායම් වෙත දැනුම් දී ඇති අතර, මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් වම පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී අදාළ ආයතන මගින් නීතිමය පියවරයන් ගනු ඇත.
හෙයින් අප පොදු මහජනතාවට අවධාරණය කර සිටිනුයේ,
සැක සහිත සමාජ මාධ්‍ය පළ කිරීම් වලට ප්‍රතිචාර වශයෙන් සබැඳි ක්වික් කිරීමෙන් හෝ කිසිවිටක පුද්ගලික තොරතුරු ඔවුනට සැපයීමෙන් වළකින්න.
ඔබට වන් වංචනික පිටු හෝ වෙළඳ දැන්වීම් හමු වුවහොත්, ඒවා වහාම සමාජ මාධ්‍ය හරහා සමාජ මාධ්‍ය බලධාරීන්ට වාර්තා කරන්න.
වීමෙන්ම මෙකී කරුණු පිළිබඳව ඔබ දැනුවත් නම්, මෙම වංචාවට අන් අය ගොදුරු වීමෙන් වලක්වා ගැනීමට සහාය වන්න.
ඉහත කරුණ සම්බන්ධයෙන් ඔබගේ මාධ්‍ය ආයතනය හරහා මේ පිළිබඳව පොදු මහජනතාව දැනුවත් කරණ මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින අතර, මේ සඳහා ඔබ මාධ්‍ය ආයතනය දක්වන්නා වූ සහයෝගය වෙනුවෙන් අපගේ ගෞරවණිය ස්තුතිය පළකර සිටිමු.
ස්තූතියි
උපුටා ගැනීම අවසන්