පසුගිය 2024 වසරේ ජනවාරි මස 01 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා කාලය තුළ විදේශීය සංචාරකයන් විසි ලක්ෂ පනස් තුන් දහස් හාර සිය හැට පස් දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
එහි ප්‍රකාශකවරයෙකු පැවසුවේ එලෙස මෙරටට පැමිණි සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් ඉන්දියානු සංචාරකයින් බවයි.
ඉන්දීය සංචාරකයින් හාර ලක්ෂ 16,974 දෙනෙකු පසුගිය වසරේදී මෙරටට පැමිණ තිබෙනවා.
ඊට අමතරව පිළිවෙළින් රුසියාවෙන් දෙලක්ෂ එක්දහස් නවසිය විසි දෙනෙකු, එක්සත් රාජධානියෙන් එක් ලක්ෂ 78,339 දෙනෙකු සහ ජර්මනියෙන් එක් ලක්ෂ 36,084 දෙනෙකු පසුගිය වසරේදී මෙරටට පැමිණ ඇති බවයි එම කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේ.