Sunday, January 5, 2025

General line - 0115112241

උසස්පෙළ දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලීමට රජයේ අවධානය




උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත්, කුමන හේතුවක් මත හෝ දරුවන්ට අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. 

පිරිමි දරුවන් අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝදුරට ඈත්වෙමින් සිටීම සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතු බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ. 

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට අද එක්වෙමින්  අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.