මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ සිසුන්ට මෙම වසර මැද භාගයේ සිට අනිවාර්යෙන්ම මහාචාර්ය ඒකකයේ පුහුණුව සදහා අවස්ථාව සලසා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඊට අදාළ මහාචාර්ය ඒකකය එළඹෙන ජූලි මාසය වන විට කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ආරම්භ කිරීමට අදාළ පාර්ශව එකඟතාවකට පැමිණි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
සෞඛ්‍ය, උසස් අධ්‍යාපන යන අමාත්‍යාංශ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය, මොරටුව විශ්ව විද්‍යාලය ඇතුළු ආයතන රැසක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබෙනවා.