Sunday, January 5, 2025

General line - 0115112241

කොළඹ කොටස් වෙළඳපොළෙන් අදත් වාර්තාගත පිම්මක්




කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේදී ඒකක 16,000 සීමාව ඉක්මවා ගියා. 

ඒ, ඉතිහාසයේ පළමු වරටයි.

 ඒ අනුව අද දිනය අවසන් වන විට කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ අගය සටහන්ව පැවතුණේ ඒකක 16,348යි දශම 5යි 5ක් ලෙසයි. 

එය පෙර දිනයේ ගණුදෙනු හා සැසඳීමේදී සියයට 2යි දශම 3ක වර්ධනයක්. 
 

එස් ඇන් පී සහ එස් එල් ටුවෙන්ටි මිල දර්ශකයද අද දිනය නිමා වන විට ඒකක 4,971යි දශම 7යි 7ක අගයක් ගෙන තිබුණා. 

එය පෙර දිනයට සාපේක්‍ෂව සියයට 2යි දශම 2යි 6ක වර්ධනයක්. 

ඒ අනුව අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොළේ ගණුදෙනුවල සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 12යි දශම 8 ඉක්මවා ගියා.