Sunday, January 5, 2025

General line - 0115112241

මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අඟුණකොළපැලැස්සට




මාතර බන්ධනාගාරයේ බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් තුවාල ලැබූ රැඳවියන් 04 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. 

ඊයේ සිදුවූ එම අනතුරෙන් එම බන්ධනාගාරයේ රැඳවියන් රඳවා සිටින වාට්ටු දෙකකට අලාභ හානි සිදුවූ අතර එක් රැඳවියෙකු ජීවිතක්‍ෂයට පත් වුණා. 

එහිදී තුවාල ලැබූ 10 දෙනෙකු රෝහල්ගත කෙරුණු අතර ඒ අතරින් 06 දෙනෙකු ප්‍රතිකාර ලබා නැවත බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. 

මේ අතර අදාළ අනතුරෙන් වාට්ටු දෙකකට හානි සිදුවී ඇති බැවින් මාතර බන්ධනාගාරයේ ඉඩකඩ සීමා වී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව මාතර බන්ධනාගාරයේ රඳවා සිටින මීළඟ උසාවි දින දීර්ඝ රැඳවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට තීරණය කර ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.