Wednesday, January 15, 2025

General line - 0115112241

යාල ජාතික වනෝද්‍යානයේ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු ගංජා ගස් ලක්ෂ දෙකක්

ජයන්ත වීරසේකර




රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු ගංජා ගස් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් විශේෂ මෙහෙයුමකදී සොයාගෙන තිබෙනවා.

ඒ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරක් අනුව කතරගම වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ යුද හමුදා විසිවන සිංහ රෙජිමේන්තුවේ භට පිරිසක් එක්ව යාල ජාතික වනෝද්‍යානයේ සිදු කල  විශේෂ මෙහෙයුමකදී 

එහිදී අඩි හතකට ආසන්න උසකින් ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර එවායේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව වැටලීමට එක් වූ නිලධාරීන් සඳහන් කර සිටියේ 

එම සියලුම ගංජා ගස් ගිනිතබා විනාශ කර ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් තිබෙනවා 

එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක වන අතර යුද හමුදා නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.