Wednesday, January 15, 2025

General line - 0115112241

චීන මහජන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ජනපති ආචාර දක්වයි




චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අද (15) පෙරවරුවේ  චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීමට ගොස් තිබෙනවා 

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිඟා කෞතුකාගාරය නැරඹීමට එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ 

අනතුරුව මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ආචාරය දැක්වා තිබුනා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා  අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුද මෙම අවස්ථාවන්ට එක්විය.