Saturday, January 18, 2025

General line - 0115112241

අවුරුදු 19න් පහළ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මැලේසියාවේදී අදින් ඇරඹේ




වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද මැලේසියාවේදී ආරම්භ වනවා. 

එම තරඟාවලියට කාණ්ඩ හතරක් යටතේ තරඟවදින කණ්ඩායම් ගණන 16ක්.  ඒ අනුව අද දිනයේ තරඟ 06ක් පැවැත්වෙනවා. 

පළමු තරඟය පැවැත්වෙන්නේ ඕස්ටේ්‍රලියාව සහ ස්කොට්ලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් අතරයි. 

ඊට අමතරව එංගලන්ත කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායම සමගත් නයිජීරියා කණ්ඩායම සමෝවා කණ්ඩායම සමගත් බංග්ලාදේශ කණ්ඩායම නේපාල කණ්ඩායම සමගත් තරඟ වදිනු ඇති. 

පකිස්ථාන වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම තරඟ වදිනු ලබන්නේ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සමගයි. 

නවසීලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමදකුණු අප්‍රිකානු කණ්ඩායම සමග අද තරඟ වදිනවා. 

මේ අතර  වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේ සිය පළමු තරඟයට ක්‍රීඩා කරනවා. 

ඒ, මැලේසියානු වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සමගයි. එම තරඟය හෙට පෙරවරු 08ට ආරම්භ වීමට නියමිතයි.