රුපියල් තුන් කෝටි හැට හතර ලක්ෂ අසූ දහසක් වටිනා “හෂීෂ්“ සහ “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙනවිත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශිකයෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උතුරු අයර්ලන්තයේ වාසය කරන 32 හැවිරිදි බි්රතාන්ය ජාතිකයෙක්.
අද දහවල් 11.06 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 403 දරන ගුවන් යානයෙන් එම සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔහු විසින් රැගෙනවිත් තිබූ ගමන් මලු දෙකක් තුළ සගවා තිබූ “හෂීෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 370ක් සහ “කුෂ්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 908ක් සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.