අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ආගමන හා විගමන පාලකවරයා ඉකුත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ඉකුත් සැප්තැම්බර් මාසයේදීයි.
ඒ, විද්‍යුත් වීසා නිකුත් කිරීමට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින්.
එම පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.