Thursday, January 30, 2025

General line - 0115112241

ලොරි, බස්, වෑන් සහ ඩබල් කැබ් රථ ආනයනයට අද සිට අවසර හිමිවෙයි




වාහන ගෙන්වීමට අදාළව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අද සිට කාණ්ඩ කිහිපයකට අයත් වාහන ආනයනය කිරීමට අවසර හිමිව ඇති බව  ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

එහි ලේකම් අරෝෂ රොද්‍ර‘ගෝ මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ලොරි රථ, බස් රථ, වෑන් සහ ඩබල් කැබ් රථ ආනයනය කිරීමට අවස්ථාව පවතින බවයි.

ආනයනය කරන වාහන අලෙවි කරන මිල ගණන් මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සිය ස්තූතිය පුදකරන බවද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍ර‘ගෝ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ මෙම මස 24වන දින සිට බලපැවැත්වෙන පරිදියි. 

1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.