Thursday, January 30, 2025

General line - 0115112241

වී සඳහා අවම මිල ප්‍රමාදයට, කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති හේතු කියයි




වී සඳහා අවම මිලක් මෙතෙක් ප්‍රකාශ නොකලේ සිතාමතා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. 

ගොවියාට සරිලන මිලක් ලබාදීම සඳහා අවම මිල ප්‍රකාශ කිරීම එලෙස කල්දැමූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. 

නිසි අවස්ථාවේදී වී සඳහා අවම මිල ප්‍රකාශයට පත් කරන බව ඔහු කියා සිටියා.

වී මිලදී ගැනීමේ ක්‍රමවේදය ද වෙනස් කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.