හිටපු ජනාධිපතිවරයෙකුට නිල නිවසින් ඉවත් වන ලෙසට දැනුම්දී තිබියදී ඔහු තවදුරටත් එහි රැඳී සිටින්නේ නම් නීතිමය පියවර ගත හැකි බව නීතිවේදීන් පවසනවා.
කෙසේවෙතත් පවතින පනත ඉක්මවා අමාත්‍ය මණ්ඩලයටද කටයුතු කළ නොහැකි බවයි ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසුවේ.
හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන නිවාස සම්බන්ධයෙන් පවතින නීතිය පිළිබඳව ද ඔහු පැහැදිලි කළා.