Thursday, January 30, 2025

General line - 0115112241

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ වර්ජනයක

මාධව කුලසූරිය




යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ අනුව අද සිට නැවත දැනුම්දෙන තුරු දේශන වර්ජනය කිරීමටයි එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය තීරණය කර ඇත්තේ. 

ඉල්ලීම් 05ක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියළුම පීඨයන්හි ආචාර්යවරුන් දේශන වර්ජනයට එක්වන බවද යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය නිවේදනය කර තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවන් නවතා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිසි මැදිහත්වීමක් නොදැක්වීම හේතුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පීඨාධිපති ශිවසුබ්‍රමනියම් රඝුරාම් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපියක්ද විශ්වවිද්‍යාල පාලනාධිකාරියට ලබාදී තිබුණා.

විනය විරෝධි ක්‍රියාවන් සිදුකළ සිසුන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල කලා පීඨයේ පීඨාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා පිළිගත යුතු බවටයි යාපනය විශ්වවිද්‍යාලයේ ආචාරවරුන්ගේ සංගමයේ එක් ඉල්ලීමක් වන්නේ. 

පීඨාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිනොගැනීම සහ පීඨාධිපතිවරයාට නැවත සිය සේවය සිදුකිරීමට නිදහස් වාතාවරණයක් ස්ථාපතිත කිරීම එම සංගමයේ තවත් ඉල්ලීම් කිහිපයක්.