මෙහෙයුම් බලපත්‍රයක් නොමැතිව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නාවික හමුදාවේ මුන්දලම, සින්නපාඩුව කඳවුරේ නිලධාරීන් විසින්.
සැකකරුවන් මුහුදට ගොස් කිමිදී මුහුදු කූඩැල්ලන් අල්ලාගෙන නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදී එලෙස නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී ඔවුන් සන්තකයේ තිබී මුහුදු කූඩැල්ලන් තොගයක් සමග එම සතුන් ඇල්ලීම සඳහා භාවිතා කළ ඩිංගි බෝට්ටුවක් සහ කිමිදුම් උපකරණද සිය භාරයට ගත් බවයි නාවික හමුදා නිලධාරීන් පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සින්නපාඩුව සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.