Friday, February 21, 2025

General line - 0115112241

ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන ලැබූ අපරාධකරුවන් දෙදෙනෙකු කටුනායකට

ටී කේ ජී කපිල



ශ්‍රී ලංකා පොලීසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ, මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ, පුද්ගලයන් දෙදෙනෙකු අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්  තිබෙනවා.

ඒ අනුව නඳුන් චින්තක නොහොත් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුට මෙරටින් පළා යාම සඳහා උදව් උපකාර කළ බවට සැළකෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ රවිඳු සන්දීප ගුණසේකරද මෙරටට රැගෙන විත් තිබෙනවා.

එමෙන්ම මිනීමැරුම් සහ වෙඩි තැබීම් රාශියකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ චෝදනා ලබා සිටි මීගමුව ප්‍රදේශයේ පදිංචි අමිල චන්ද්‍රානන්ද යන පුද්ගලයාද මෙරටට රැගෙන විත් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මොවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන යාමටයි පියවර ගෙන ඇත්තේ.