ලොව අංක එකේ එක්දින ක්‍රිකට් පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පත්ව තිබෙනවා.
ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කළ නවතම එක්දින ක්‍රිකට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමට අනුවයි.
මහීෂ් තීක්‍ෂණ එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පැමිණි පළමු අවස්ථාවද මෙයයි.
ඔහු මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගත්තේ මෙතෙක් අංක එකේ සිටි ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන් දෙවන ස්ථානයට ඇද දමමින්.
තීක්‍ෂණට මෙහිදී හිමිව ඇති ශ්‍රේණිගත කිරීමේ ලකුණු සංඛ්‍යාව 680ක්.