ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පුත්තලම පාලවිය ප්‍රදේශයේ දීයි. ඒ අවස්ථාවේ ඔහු වෑන් රථයකින් පළා යමින් සිටියා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති අයෙකු බවයි පැවසෙන්නේ. ඔහු හිටපු යුද හමුදා කමාන්ඩෝ සෙබළෙකු බවටද වාර්තා වනවා.