Friday, September 20, 2024

General line - 0115112241

ක්‍රිකට් පොතට නව නීතියක් – පකිස්ථානයේ නිපන්දුවෙන් වැඩ අල්ලයි (VIDEO)



පසුගිය 27දා එංගලන්තය හා පකිස්ථානය අතර පැවති දෙවන එක්දින තරඟයේදී නව අත්හදා බැලීමක් සිදුකොට තිබෙනවා.

ඒ පිටියේ සිටින විනිසුරුට මගහැරෙන නිපන්දුවක් තෙවන විනිසුරු විසින් ඒ මොහොතේම පිටියේ සිටින විනිසුරුට දැනුම් දී එය නිපන්දුවක් ලෙස සටහන් කිරීමයි.

මෙතෙක් කල් පැවති ක්‍රමය වූයේ ක්‍රීඩකයෙකු දැවී ගිය මොහොතක එය නිපන්දුවක්ද නැද්ද යන්න පරීක්ෂා කිරීමයි.

පකිස්ථානයේ හසන් අලී මෙම සිදුවීමට මුහුණ දුන් පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වුණා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ මෙම නව අත්හදා බැලීම ඉදිරි ක්‍රිකට් තරඟ සඳහා යොදා ගත යුතුදැයි විදේස් වෙබ් අඩවි මගින් ක්‍රියාත්මක කර තිබූ අන්තර්ජාල ඡන්ද විමසීම් වලදී බහුතරයක් කියා තිබුණේ මෙම ක්‍රමය ඉදිරියේදී යොදා ගත යුතු යන්නයි.

එම වීඩියෝව පහතින් නරඹන්න