Friday, September 20, 2024

General line - 0115112241

බණ කියන්න උඩුවේ හිමි අධිකරණයෙන් අවසර ඉල්ලයි




නිසි බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළග තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එංගලන්තයේ පැවැත්වෙන ධර්ම දේශණයක් සඳහා සහභාගිවීමට අවසර ලබාදෙන්නැයි කොළඹ මහාධිකරණට අද (29) ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණා. ඒ, ධම්මාලෝක හිමියන්ගේ නීතිඥයන් විසින්.

සැප්තැම්බර් මස 3 වනදා සිට 7 වනදා දක්වා වූ කාලසීමාව තුළ එංගලන්තයේ සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වෙන ධර්ම දේශණාමාලාව සදහා සහභාගිවීමට අවසර ලබාදෙන ලෙසයි එමගින් ඉල්ලා තිබෙන්නේ.

ඒ, සම්බන්ධයෙන් වන ලේඛණ පරීක්‍ෂා කළයුතු බැවින් එහි තීරණය හෙට (30) දිනයේදී දැනුම් දෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කියාසිටියා.