Friday, September 20, 2024

General line - 0115112241

මැලේසියාවේදී දයා ගමගේ මහින්ද හමුවෙයි (PHOTOS)




මැලේසියාවේ පැවැත්වෙන ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනය නියෝජනය කිරීම සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ ද සහභාගී වී සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ද වන දයා ගමගේ මේ වන විට ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනය (ICAPP) හි ස්ථාවර කාරක සභාවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරනවා.

එම සංචාරය අතරතුර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද හමුවී තිබෙනවා. ඒ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති නිල නිවසේදි පැවැත්වූ රාත්‍රී භොජන සංග්‍රහයක් අතරතුරදීයි.

එම අවස්ථාවේ ගත් ඡායාරූප පහතින් දැක්වේ.

Image-1 (1) Image-1 (2) Image-1