Friday, September 20, 2024

General line - 0115112241

එජාපයට ආසන 82යි..නිදහස් පක්ෂයට ආසන 82යි – තීරණාත්මක සටනක් අත ලඟයි



වත්මන් පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 82ක් බැගින් බව පැවසෙනවා.

ඒ අනුව ඉදිරි මැතිවරණ ජය ගැනීම සඳහා ක්‍රමවේද සකස්කිරීම කෙරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම අවදානය යොමු කර ඇති බවයි නිල නොලත් ආරංචි මාර්ග පවසන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරගබිමට පිවිස ඇත්තේ ද මේ සම්බන්ධයෙන් දීර්ඝ සොයා බැලීමකින් පසුව බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර පක්ෂ දෙකටම ඇත්තේ සම ආසන ගණනක් බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ද ඊයේ (06) කෝට්ටේ නිදහස් පක්ෂ කාර්යාලය පිහිටුවීමේ අවස්ථාවට සහභාගී වෙමින් සඳහන් කර තිබෙනවා.

ඔහුද එහිදී සඳහන් කර ඇත්තේ සන්ධානය සතු ආසන 95 අතරින් ආසන 82ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු බවයි.

එක්සත් ජාතික පක්ෂය සතු ආසන 106 අතරින් 82ක් එක්සත් ජාතික පක්ෂ සාමාජික මන්ත්‍රීවරු සතු බවද අමාත්‍යවරයා කෝට්ටේ නිදහස් පක්ෂ කාර්යාලය පිහිටුවීමේ අවස්ථාවේදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

DSC_1775