Friday, September 20, 2024

General line - 0115112241

මැක්ස්වෙල්ගේ ඉනිම දැක ‘රොෂාන් අබේසිංහට‘ දෙකොන මාරුවෙයි



සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ පැවති විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 85ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කන්ඩායම සමත් වුණා.

මෙම තරඟයේදී සුපිරි ශතකයක් ලබා ගැනීමට ග්ලේන් මැක්ස්වෙල් සමත් වුණා.

පන්දු 63කින් නොදැවී වාර්තා කළ 145ක් වූ ඔහුගේ ඉනිමට හයේ පහර 9ක් සහා හතරේ පහර 14ක් අන්තර්ගත වුණා.

ඔහුගේ මෙම ඉනිම පිළිබඳ ලොව පුරා ක්‍රීඩකයන් මෙන්ම විචාරකයන්ද සිය අදහස් පළකර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්තර ප්‍රචාරකයෙකු වන රොෂාන් අබේසිංහද ග්ලේන් මැක්ස්වෙල්ගේ ඉනිම පිළිබඳ අදහස් දක්වා තිබුණා.

නමුත් එහිදී ඔහුට යම් වැරැද්දක්ද සිදුවී තිබුණා.

ඔහු එහිදී සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවට තවත් එක්දින තරඟ වාර්තාවක් අහිමි වූ බවකි.

කෙසේ වෙතත් ඊයේ පැවතියේ විස්සයි විස්ස තරඟයකි.

ඔහු නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩය පහතින්..

888888888876