Friday, September 20, 2024

General line - 0115112241

දුමින්දගේ ඉරණම විසඳන්න සියල්ල සුදානම් – භාරත මරපු දවසේ භාරතයි දුමින්දයි කළ වැඩ මෙන්න



භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු දෙනාට වෙඩි තබා ඝාතනය කළ නඩුවේ තීන්දුව හෙට (08) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

මෙම වෙඩි තැබීම සිදුවූයේ 2011 වසරේ ඔක්තෝබර් මස 08 වැනිදා ඡන්ද දිනයේදීයි.

වෙඩි හුවමාරුවෙන් බරපතළ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට එදින ඇතුළත් කළා.

හිසට එල්ල වූ වෙඩි ප්‍රහාර දෙකක්‌ හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඔහු හදිසි ශල්‍යකර්මයකට භාජනය කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණු අතර එය පැය පහක පමණ කාලයක්‌ පුරා සිදු වුණා.

භාරත ලක්‍ෂමන් ඇතුළු ආධාරකරුවන් එදින පස්‌වරු 3.00 ට පමණ මුල්ලේරියාව සිරිමාවෝ බණ්‌ඩාරනායක පුස්‌තකාලය ඉදිරිපිට පිහිටි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබල ආධාරකරුවකුගේ නිවසට පැමිණ තිබෙනවා.

දේශපාලන කටයුතු සහ මැතිවරණ පැවැත්වෙන අවස්‌ථාවන්හි එම නිවසට පැමිණ ටික වේලාවක්‌ රැඳී සිටීම භාරත ලක්‍ෂමන් මහතා කාලයක සිටම කරගෙන ගොස්‌ ඇති අතර මීට පෙර සිරිමාවෝ බණ්‌ඩාරනායක පුස්‌තකාලය ඡන්ද මධ්‍යස්‌ථානයක්‌ ලෙස පැවැතීම ඊට හේතු වී තිබුණා.

භාරත ලක්‍ෂමන් ඇතුළු ආධාරකරුවන් එම නිවසට පැමිණ එහි ඉදිරිපිට රැඳී සිටියදී අංගොඩ හන්දිය දෙසින් දුමින්ද සිල්වා ඇතුළු ආධාරකරුවන් පිරිස භාරත ලක්‍ෂමන් ඇතුළු පිරිස සිටි දෙසට පැමිණ තිබෙනවා.

ඔවුන්ගේ පැමිණීමත් සමග කිසියම් දරුණු වෙඩි තැබීමක්‌ සිදු වී ඇති අතර ඒ සමගම එම ප්‍රදේශය එකම යුද පිටියක්‌ බවට පත් කෙරෙමින් දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුව ආරම්භ වී ඇති බවයි වාර්තා වුණේ.

මේ නඩුව වසර එකහමාරකට අධික කාලයක් විභාග වූ අතර සාක්කි විභාග කිරීම අවසන් කිරීමෙන් පසුව මෙහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තීරණය වුණා.

129062771