Thursday, September 19, 2024

General line - 0115112241

මෝදිට අරින්න හදන අපේ රෝහල…




ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ජේ පී නඞ්ඩා ඇතුළු ඉන්දීය නියෝජිතයන් පිරිසක් සමග සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන වාර්ෂික කමිටු සැසිවාරයේදීයි.

එහිදී ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ඉන්දීය රජයේ පූර්ණ අනුග‍්‍රහයෙන් හැටන්, දික්ඔය මූලික රෝහල සංවර්ධනය කරන බවයි. එහි මානව සම්පත නංවාලීම සදහා අවශ්‍ය පහසුකම් ලබාදෙන බවද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාවරයා ප‍්‍රකාශකර තිබෙනවා.

මෙම රෝහල සංවර්ධනය කිරීමෙන් පසු ලබන වසරේ වෙසක් පොහෝ දිනයට පසුදින විවෘත කිරීම සදහා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සහභාගිවීමට නියමිත බවයි මෙහිදි ප‍්‍රකාශ වී ඇත්තේ.