Friday, April 26, 2024

General line - 0115112241

තවත් ණයක් ගන්න ආණ්ඩුව සැරසෙයි




ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250 ක ණය මුදලක් ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එ් මුදල් අමාත්‍ය රවි කරුණානායක ඉදිරිපත් කළ යෝජනාවක් සැළකිල්ලට ගනිමින්.

මෙම ණය මුදල යොදාගනු ලබන්නේ යෝජිත ප‍්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධන වැඩසටහන සඳහායි. ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය මූල්‍යමය සම්පත් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග්ධන වෙළෙඳපොළ මගින් ඵලදායී ලෙස රැස්කර ගැනීම මෙහි අරමුණයි.