Saturday, April 27, 2024

General line - 0115112241

බසයෙන් බැස වලේ වැටී කම්බි කූරු දෙකක් සමග රෝහලට ගිය සෙබලා (PHOTOS)




කතරගම ඩිපෝව මාර්ගයේදී බස් රථයකින් බැසිමේ දී මාර්ගය අයිනේ කපා තිබූ අඩි 25 ක පමණ අනාරක්ෂිත වලක වැටීමෙන් එම වලේ කොන්ක්‍රීට් යෙදීම සඳහා සවිකර තිබූ කම්බි කූරු කලවා ප්‍රදේශය පසාරු කරගෙන ඇණී තිබූ පුද්ගලයෙකුව ඊයේ (06) රාත්‍රියේ හම්බන්තොට රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

දකුණු හා වම් කලවා ප්‍රදේශය පසාරු කරගෙන ගොස් තිබූ මෙම කම්බි කූරු දෙක ඉවත් කිරීමට හම්බන්තොට මහ රෝහලේදී ඔහුට පැයකට ආසන්න කාලයක් සැත්කමක් කිරීමට සිදුවූ බවයි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අධිකාරී සුමිත් මනතුංග සඳහන් කළේ.

හම්බන්තොට රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය කණ්ඩායම මගින් සිදු කරන ලද ශල්‍ය කර්මයකදී කම්බි කුරු දෙක සාර්ථකව ඉවත් කිරිමට හැකි වුණා.

නාවික හමුදා සෙබලෙකු වන මොහු ගිලන් රථයෙන් රෝහල වෙත රැගෙන ඒමේදී ඔහුට ඉතා අසීරුවෙන් හිටගෙන සිටීමට සිදු ව තිබෙනවා.

ප්‍රතමයෙන් තිස්සමහාරාම රෝහලටත් පසුව හම්බන්තොට මහ රෝහලටත් මොහුව රැගෙන ඒමට කටයුුතු කර තිබුණා. හම්බන්තොට මහ රෝහලේ දී එක්ස්රේ ඇතුළු පරික්ෂණ කටයුතු අසීරු ලෙස සිදු කරමින් හම්බන්තොට මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ සියළු වෛද්‍ය වරුන්ගේ කැපවිමෙන් මෙම සැත්කම සාර්ථකව සිදු කර දකුණු කකුලේ කලවා ප්‍රදේශයේ පිටුපස ඇණි තිබූ යකඩ කූර සහ වම් කකුලේ ශරිරයේ ඉහලට ඇණි තිබූ කම්බි කුර ද ඉවත් කෙරුණා.

කතරගම නගරයේ කාණු පද්තිධය නවිකරනය කිරීම සඳහා අලුතින් නල එළීම හා කාණු සකස් කිරීම මේ දිනවල සිදු කරන අතර ජලය බැස යෑම සඳහා මෙවැනි විශාල වලවල් හාරා කොන්ක්‍රීට් කිරිම සිදු කෙරෙනවා. එසේ කොන්ක්‍රීට් යෙදීමට නියමිතව තිබූ වලක මෙම නාවිකා හමුදා සෙබලා වැටී තිබුණා.

මේ සම්බන්ධව කතරගම මළ අපවහන පද්ධතිය ඉඳිකිරීම් කටයුතු සිදු කරන ව්‍යාපෘතියේ ව්‍යාපාති අධ්‍යක්ෂ මංජුල ප්‍රියංකරගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ සිදු වි ඇති සිද්ධිය සම්බන්ධව දැඩි කනගාටුව පළකරන බවයි.

දැනට මෙවැනි වලවල් 100 ක් පමණ ඉදිකර ඇති බවත් තවත් 300 ක් පමන ඉදිකිරීමට නියමිත බවත් සඳහන් කළා. එම වලවල් වට කරමින් පටි යොදා තිබෙන අතර රාත්‍රී කාලයේ ඒවා නොපෙනෙන හෙයින් මෙවැනි සිදුවිමක් ඇති වු බවයි ඔහු පැවසුවේ.

14256378_10208416541148720_643772244_nunnamed (1) unnamed (2) unnamed