Thursday, March 28, 2024

General line - 0115112241

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ කාල්ටන් නිවසේ සම්බන්ධයක් හෙළිවෙයි




ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර දුරකතන ජාලය සහ තංගල්ල කාල්ටන් නිවසේ දුරකතන අතර සම්බන්ධයක් පැවත ඇතැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (07) ප‍්‍රකාශ කෙරුණා.

රජයේ නීතිඥවරයා කියා සිටියේ රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී එ් බව අනාවරණ වී ඇති බවයි. එම ඝාතනය සිදුවූ දින රාති‍්‍රයේද ජනාධිපති ලේකම් කාර්යාලයේ දුරකතනවලින් තංගල්ල කාල්ටන් නිවසේ දුරකතනවලට ඇමතුම් ලැබී ඇතැයි විමර්ශනවලින් අනාවරණ වී තිබෙන බව මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

අදාළ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ.

වසීම් තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කළ බවට සහ ඝාතනයට කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා ලබා සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මෙහිදී නියෝග කෙරුණා.