Friday, March 29, 2024

General line - 0115112241

සෝභිත හිමි ගැන පංච පුද්ගල කමිටුව හෙළි කරයි




පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීමට අදාළව මරණ පරීක්‍ෂණයක් නැවත පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවට ඒ සඳහා පත්කළ පංච පුද්ගල කමිටුව අද (07) අධිකරණයට දැනුම් දුන්නා.

සෝභිත හිමියන්ගේ අපවත්වීම සැක සහිත බැවින් නැවත පරීක්‍ෂණයක් සිදුකළ යුතු බවට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර පැමිණිල්ලක් කර තිබුණා. ඒ අනුව විමර්ශනයක් පැවැත්වීම සඳහා අදාළ පංච පුද්ගල කමිටුව පත්කළ අතර එහි ප‍්‍රධානත්වය ගත්තේ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහයි.

කමිටුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ලබාදුන් වාර්තාවට අනුව සෝභිත හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් සැක කටයුතු කිසිවක් සිදුවූ බවට අනාවරණ නොවන බවත්, අවසන් වරට උන්වහන්සේ ප‍්‍රතිකාර ලැබූ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ වාර්තාව පිළිගන්නා බවත් සඳහන් කර තිබෙනවා.

එසේම සෝභිත හිමියන් ලබාගත් ප‍්‍රතිකාරවලට අදාළ ලේඛණ අස්ථානගත වී නොමැති බවත්, 2011 වසරේ සිට උන්වහන්සේ අපවත් වන තෙක් රෝගී තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් පංච පුද්ගල කමිටුව අධිකරණය හමුවේ කියාසිටියා.