Friday, March 29, 2024

General line - 0115112241

අම්මා මතක් කර කුණූහරුප කියූ ‘කයිසර්’ ගැන පොලිසිය නීතිපතිගෙන් උපදෙස් පතයි




රැප් ගායක කයිසර් කයිල් සම්බන්ධයෙන් කොහුවල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ගැනීමට කටයුතු කර තිබෙනවා.

ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් හා ලේකම් ජානක වික්‍රමසිංහ කොහුවල පොලීසියට කළ පැමිණිල්ලක් මත ඔහුව පොලිසියට කැඳවා ප්‍රශ්න කෙරුණා. එම අවස්ථාවට පැමිණිල්ල සිදු කළ කීර්ති පැස්කුවෙල් ද පොලිසියට පැමිණ සිටියා.

ඉකුත් 03 වැනිදා පැවැති සංගීතයකදී එම ගායකයා අසභ්‍ය වචන ප්‍රකාශ කිරීම හේතුවෙන් සංගීත ක්ෂේත්‍රයට අපකීර්තියක් වූ බවට එම ගායක දෙපල කළ පැමිණිල්ලේ සඳහන් වෙනවා.

රැප් ගායක කයිසර් කයිස් ගල්කිස්සේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී පරුෂ වචන ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර පොලිසියෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි නෙත් නිවුස් වෙත කීර්ති පැස්කුවෙල් පැවසුවේ. අනාගතයේ මෙවැනි තත්ත්වයන් තවත් වර්ධනය වීමේ හැකියාවක් පෙනී යන බවත් කුණුහරුප සිංදුවලට දැන්ම වැට බැඳිය යුතු බවද ඔහු සඳහන් කළා.

එම රැප් ගායකයාගේ අසභ්‍යවදන් ඇතුළත් වීඩියෝව ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පළ වීමත් සමග එක් ලක්ෂ හැත්තෑ පන්දහසකට අධික පිරිසක් සිය අප්‍රසාදය පළ කර අදහස් පළ කර තිබෙන අයුරුද දැකිය හැකියි.

මෙම සිදුවීමෙන් පසු කයිසර් නැමැත්තා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සමාව ගැනීමටද කටයුතු කළා.