Friday, April 26, 2024

General line - 0115112241

පා ගමන්වලින් සයිටම් අරගලය ජය ගන්න බැහැලු




පා ගමන් හෝ වෙනත් විරෝධතාවලින් පමණක් සයිටම් විරෝධී අරගලය ජයගත නොහැකි බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.

එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කළේ මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය කුමන අරගලයක් සිදුකළ ද අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවයි.

නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලහිරු වීරසේකර පැවසුවේ අධ්‍යාපනය වෙනුවෙන් 6% ලැබුණේ නම් මෙවැනි ගැටළුවලට විසඳුම් ලැබෙනු ඇති බවයි.