Saturday, April 20, 2024

General line - 0115112241

උයන පිහන බාල තෙල්වලටත් වැඩ වරදියි




ආහාර නිෂ්පාදනයේදී භාවිත කරන තෙල් වර්ග සඳහා නිසි ප‍්‍රමිතියක් හඳුන්වා දීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.

එහි සභාපති හසිත තිලකරත්න සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය දීර්ඝ කාලයක සිට අධ්‍යයනයක් සිදුකළ බවයි.

වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇති තෙල් වර්ග සහ දැනට භාවිතයට ගැනෙන තෙල් වර්ග නිසි ප‍්‍රමිතියෙන් හෝ ගුණාත්මක තත්ත්වයකින් නොමැති බව එහිදී අනාවරණ වී තිබෙනවා.

එම නිසා එම තෙල් වර්ග සඳහා නිසි ප‍්‍රමිතියක් හඳුන්වා දීමටයි පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත් ඒ සඳහා එස්.එල්.එස්. ප‍්‍රමිති සහතිකය ලබාගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවද පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න වැඩිදුරටත් සඳහන් කළා.