Tuesday, December 24, 2024

General line - 0115112241

බම්බු ගේට්ටුකරුවන්ගෙන් යළිත් රතු එළියක්




සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප‍්‍රතිචාරයක් නොදැක්වීම නිසා යළි වැඩවර්ජනයක් ආරම්භ කිරීමට අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති ජේ.ඒ.සී. පේ‍්‍රමලාල් සඳහන් කළේ ගැටලු විසඳීමට ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පොරොන්දුවක් ලබාදුන්න ද එය මෙතෙක් ඉටු වී නොමැති බවයි.