Tuesday, December 24, 2024

General line - 0115112241

වරාය නගරය මූල්‍ය නගරය වුණේ මෙහෙමලු




කොළඹ වරාය නගරය පිළිබඳව මේ වන විට සමාජයේ යළි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ, එම ව්‍යාපෘතිය කොළඹ මූල්‍ය නගරය යන නමින් යළි ආරම්භ කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනය සහ ශ‍්‍රී ලංකාව අතර මීට පෙර අත්සන් තැබුණු ගිවිසුම සංශෝධනය කර නව ගිවිසුමකට අත්සන් තැබීම ඉකුත් දා සිදුකෙරුණා.

පැවති ගිවිසුමට එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය විරුද්ධව අදහස් දැක්වූවා. එම නිසා ගිවිසුම යළි සංශෝධනය කර අත්සන් තැබීමටයි වත්මන් ආණ්ඩුව තීරණය කළේ.

නෙත් එෆ්.එම්. රේඩියෝවේ ඊයේ (07) පැවති නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ.සී. අලවතුවල මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

එහිදී හෙතෙම කියා සිටියේ මෙවර ඇති වෙන්නේ දකුණු ආසියාවේ වෙළඳ නගරයක් බවයි. තැන එක වුවත් ව්‍යාපෘතියේ ප්‍රතිලාභ වෙනස් බවත් සඳහන් කළා.

එම සම්පූර්ණ සාකච්ඡාවට සවන්දීම සඳහා මෙම ලින්ක් එක භාවිතා කරන්න – http://nethnews.lk/article/14179