Tuesday, December 24, 2024

General line - 0115112241

දුමින්ද ඇතුළු 05 කට මරණ දඬුවම




භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකුට කොළඹ මහාධිකරණය මීට සුළු මොහොතකට පෙර මරණ දඬුවම ලබාදුන්නා.

නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ දෙදෙනෙකු මොවුන්ට මරණ දඬුවම් ලබාදිය යුතු බව තීරණය කර තිබූ බවයි.

ඒ අනුව දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත්, ජනක බණ්ඩාර ගලගොඩ සහ සරත් බණ්ඩාර යන විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය නියම කෙරුණා.

එහෙත් ජනක බණ්ඩාර ගලගොඩ නමැති විත්තිකරු අධිකරණය මගහරිමින් සිටින බවයි අධිකරණයේදී ප‍්‍රකාශ වුණේ. මිනී මැරුම් ඇතුළු අධි චෝදනා 6 ක් යටතේ මොවුන්ට මෙලෙස මරණීය දණ්ඩනය නියම කෙරුණා.