Friday, September 20, 2024

General line - 0115112241

භාරත නඩුව යළිත් ඇසෙන ලකුණු!



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර් 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේය.

කෙසේ වෙතත් නඩු තීන්දුවෙන් පසු ආර් දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ප්‍ර‍කාශ කර ඇත්තේ තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

අභියාචනයකදී යළි සාක්කි විමසීමක් සිදු නොවන අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දෙන තුරු මෙම චුදිතයන්ව තීන්දුව ප්‍රකාරව සිරගත කෙරෙනු ඇත.

මෙම නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් විභාග කළ නමුත් ශ්‍රේෂ්ඨාධිරණයේ අභියාචනය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරනු ඇත.