Thursday, September 19, 2024

General line - 0115112241

ලංකාව තවත් ලෙඩකින් ගැලවෙයි




නව ජන්ම පිටගැස්ම රෝගය තුරන් කළ රටක් ලෙස ශ‍්‍රී ලංකාව අද නම් කෙරුණා. ඊට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් එහි අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය මාග‍්‍රට් චෑන්, අමාත්‍ය රාජිත සේනාරත්න වෙත අද (08) භාරදුන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

නියමිත ආරක්ෂක හෝ සනීපාරක්ෂක ක‍්‍රම අනුගමනය නොකර ප‍්‍රසූත කෙරෙන දරුවන්ට නව ජන්ම පිටගැස්ම රෝගය වැළඳිය හැකි බව හඳුනාගෙන තිබෙනවා. ගැබිණි මව්වරුන්ට විධිමත් ලෙස එන්නත් ලබාදීම මඟින් මෙම රෝගය ශ‍්‍රී ලංකාවෙන් තුරන් කිරීමට හැකි වූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ.