විපතට පත් වූ සහ අවශ්‍යතා සහිත තැනැත්තන්ට සහය වීම සඳහා සැලසුම් කෙරුණු දිරිය නෙත් වැඩසටහන යටතේ තවත් සමාජ සත්කාරයක් දැන් ආරම්භ වී තිබෙනවා. ඒ විශ‍්‍රාමික මේජර් විමල් වික‍්‍රමගේට සහය වීම සඳහායි.
පළමු අදියර ලෙස රුපියල් ලක්ෂයක මුදලක් දිරිය නෙත් වැඩසටහන යටතේ ඉකුත් දා ඔහුට පිරිනැමුණා. මේ සඳහා දායකවීමට ඔබට ද දැන් අවස්ථාව විවෘතයි.
දායක මුදල් සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ දිරිය නෙත් ගිණුමට බැර කළ යුතු වනවා. ගිණුම් අංකය 000 460 002 117.
දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. උතුරු නැගෙනහිර විනාශවූ විහාරස්ථාන ගොඩ නැගීම, වකුගඩු රෝගයට ගොදුරු වී සිටින ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති, අඩු ආදායම් ලාභී පවුල් සඳහා නව නිවාස ලබාදීම, දුෂ්කර පාසල් සඳහා පොත්පත් සහ පාසල් උපකරණ බෙදාදීම, රණවිරු සුබසාධනය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් ඊට ඇතුළත්.