තමන් ආරම්භ කර ඇත්තේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් නොවන බව ගුවන් නියමු සංසදය පවසනවා. එහි සභාපති රේණුක සේනානායක සදහන් කළේ තම ඉල්ලීම්වලට විසදුමක් ලැබෙන තුරු ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම සමග සහයෝගයෙන් රාජකාරී නොකිරීමට තීරණය කර ඇති බවයි.
අද සිට අතිකාල සේවාවන්වලින් සහ නිවාඩු දිනයන්හි සේවාවලින් ඉවත්වීමට ගුවන් නියමු සංසදය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් රේණුක සේනානායක මේ බව කියාසිටියා.
කෙසේවෙතත් සැලසුම් කර ඇති ගුවන් ගමන්වල කිසිදු වෙනසක් හෝ ප්‍රමාදයක් සිදු නොවන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
—————————-
ගුවන් නියමුවන් අකුරට වැඩ! ගුවන් ගමන් අවිනිශ්චිතයි
අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි්රයාමාර්යක් අද (09) සිට ආරම්භ කිරීමට ගුවන් නියමු සංසදය තීරණය කර තිබෙනවා. එහි සභාපති රේණුක සේනානායක සදහන් කළේ මේ නිසා ගුවන් ගමන් ප්‍රමාදවීමක් හෝ අවලංගුවීමක් සම්බන්ධයෙන් කල් ඇතිව ප්‍රකාශ කළ නොහැකි බවයි.
බීමතින් සිටි ගුවන් නියමුවෙකු සම්බන්ධයෙන් ඉකුත්දා තොරතුරු වාර්තා වුණා. ඒ අනුව අදාළ ගුවන් නියමුවාගේ සේවය අත්හිටුවීමටයි බලධාරීන් තීරණය කළේ. අදාළ සිද්ධියෙන් පසු ගුවන් නියමුවන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීමට ගෙන ඇති තීරණය ලෝකයේ පිළිගත් ක්‍රමවේදයන්ට අනුව සිදුකළ යුතු බවයි ගුවන් නියමු සංසදය මින් පෙන්වා දෙන්නේ. තම ඉල්ලීම් සදහා ප්‍රතිචාරයක් නොලැබුණහොත් දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කරන බවද ඔවුන් ප්‍රකාශ කළා.
අද සිට කි‍්‍රයාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයත් සමග සියලූ ගුවන් නියමුවන් තමන්ට නියමිත සේවා මුරය පමණක් ආවරණය කරනු ඇති. නිවාඩු දිනයන්හිදි සේවයට වාර්තා කිරීමක් සිදු කෙරෙන්නේද නැහැ. එමෙන්ම අතිකාල සේවාවන්වලින්ද බැහැර වන බවයි ගුවන් නියමු සංසදයේ සභාපති රේණුක සේනානායක සදහන් කළේ.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම ප්‍රකාශ කළේ ගුවන් මගීන්ට උපරිම සේවාවක් සහ ආරක්ෂාවක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි. ශී‍්‍ර ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියාමනයන්ට අනුව සියලූම ගුවන් සේවාවන්හි ගුවන් නියමු කාර්ය මණ්ඩලය මෙලෙස පරීක්ෂා කෙරෙනවා. රාජකාරී අවස්ථාවේදී මෙම පරීක්ෂණය සිදුකිරීම ප්‍රතික්ෂේප කිරීම සිවිල් ගුවන් සේවා රෙගුලාසි උල්ලංඝණය කිරීමක් ලෙස සැලකෙන අතර කිසියම් අයෙකු එලෙස කි‍්‍රයා කරන්නේ නම් එය විනය විරෝධී හැසිරීමක් වනු ඇති බවද ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම වාර්තා කළා.