සාම්පූර් නිලංකේලි ප්රදේශයේදී වළ දමා තිබු වයස අවුරුදු 6 ක දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගෙන ඇත්තේ නිලංකේනි ආදිවාසී ගම්මානයේ පදිංචිව සිටි ජෙගදීස්වරන් අජන්තා නමැති දැරියගේ සිරුරයි.
ඇයගේ මව රැකියාවක් සදහා විදෙස්ගතවී සිටිනවා. ඉන්පසුව දැරිය හැදී වැඞී ඇත්තේ සිය මිත්තනිය සමගයි. මෙම දැරිය මීට දින කිහිපයකට පෙර සිය නිවස අසල 17 හැවිරිදි තරුණයෙකු සමග සෙල්ලම් කිරීමට ගොස් තිබෙනවා. පසුව යළි නිවසට නොපැමිණීම නිසා පවුලේ ඥාතීන් ඒ පිළිබද අදාළ තරුණයාගෙන් විමසා ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
එහිදී අදාළ තරුණයා දැරිය වළ දැමූ ස්ථානය පෙන්වා පලාගොස් තිබෙනවා. මේවනවිට අදාල තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ තරුණයා