Monday, December 23, 2024

General line - 0115112241

ගෙදරට විදුලිය ගෙදරම නිපදව ගන්න බැංකු ණය




සූර්ය බලශක්තිය මගින් විදුලිය උත්පාදනය කිරීම හරහා සම්පේ‍්‍රෂණයේදී සිදුවන විදුලි හානිය අවම කර ගැනීමට හැකියාව ලැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන ප‍්‍රකාශ කළේ 2020 වර්ෂය වනවිට සූර්ය බලශක්තියෙන් මෙගාවොටි 200 ක පමන විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

සූර්යබල සංග‍්‍රාම වැඩසටහන ඉකුත් අගහරුවාදා ආරම්භ කෙරුණා. සූර්ය කෝෂ පද්ධතීන් නිවෙස්වලට මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින්ට බැංකු හා වෙනත් මූල්‍ය ආයතවලින් ණය පහසුකම් ලබාගැනීමේ හැකියාවද පවතිනවා. අතිරික්ත විදුලිය විදුලි බල මණ්ඩලය විසින් මිලදීගනු ලබනවා. ඒ එකකයක් රුපියල් 22ක මුදලකටයි.