රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් සමග කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගැණුනු ඉන්දීය ජාතිකයා දින 7 ක් රදවාගෙන ප්‍රශ්න කිරිමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව අදාළ සැකකරුගෙන් මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රශ්න කිරීම් සිදුකෙරෙනවා. 31 හැවිරිදි සැකකරුගේ ගමන් මල්ලේ තිබී හෙරොයින් තොගය සොයාගැණුනා.
රුපියල් කෝටියකට අධික හෙරොයින් තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක බණ්ඩාරණායක අන්තර්ජාතික ගුවන් තොටුපොලේදි අද (09) අලූයම අත්අඩංගුවට ගැණුණා. ඒ, ගුවන් තොටුපොල මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින්.
ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 400 ක් සොයා ගැනුණා. 31 හැවිරිදි මෙම සැකකරු චෙන්නායි සිට ශී‍්‍ර ලංකාවට පැමිණ තිබෙනවා. ඔහු සිය ගමන් බෑගය තුළ හෙරොයින් සගවාගෙන සිටි බවයි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් ප්‍රකාශ කළේ.