භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද නමැත්තා වැලිකඩ බන්ධනාගාරයේ සිට අද (09) අලූයම දුම්බර පිහිිටි බෝගම්බර බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබෙනවා. ආරක්ෂක පියවරක් ලෙස ඔහු එලෙස බෝගම්බර බන්ධනාගාරයට මාරුකර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාද බෝගම්බර බන්ධනාගාරය වෙත මාරු කිරීමට කලින් සැලසුම් කර තිබුණා. කෙසේවෙතත් එය තවදුරටත් ප්‍රමාද කිරීමටයි බන්ධනාගාර නිලධාරීන් තීරණය කර ඇත්තේ.
මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකු ඊයේ පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආවා. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා ඊයේ රාති‍්‍රයේ සී 3 වාට්ටුවේ සිරකුටියක රදවා සිටියා. එහෙත් අද උදෑසන ඔහුව බී 3 වාට්ටුටේ සිර මැදිරියකට මාරුකර තිබෙනවා.
මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වි ඇති සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා රදවා සිටින්නේද සී 3 වාට්ටුවේ සිර කුටියකයි.