Friday, September 20, 2024

General line - 0115112241

මහමගදී තරුණියකට පහරදුන් සිදුවීමේ සැබෑ සුලුමුල මෙන්න!



තරුණයන් පිරිසක් විසින් තරුණියකට පහරදෙන අවස්ථාවේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වුණා.

නමුත් එම පහරදීමට හේතුවක් අණාවරනය වූයේ නැහැ.

සමාජ ජාලා වල ඇතැම් පිරිස් පවසා තිබුණේ මැය පාරේ සිටි සිඟමන් යදින පුද්ගලයෙකුට කෙල ගැසූ බවත් එම නිසා එම පිරිස මෙම තරුණියට පහර දුන් බවත්ය.

කෙසේ වෙතත් මෙහි සත්‍ය සිදුවීම නෙත් ගොසිප් අපට අණාවරණය කර ගැනීමට හැකිවුණා.

පසුගිය 04 වැනිදා ඡායාරූප කිහිපයක් ගැනීම සඳහා මෙම තරුණිය ඇගේ සහෝදරයාද සමග කුරුණෑගල නගරයට ගොස් තිබෙනවා.

ඔවුන් දෙදෙනා ගමන් කළ ත්‍රීරෝද රථයේ රියදුරු වී ඇත්තේ මෙම තරුණියගේ පෙම්වතායි.

ඔවුන් යන අතරමගදී ත්‍රීවිල් රථය පෙට්‍ර‍ල් බෝතලයක් ගැනීම සඳහා ප්‍රෙට්‍ර‍ල් ෂෙඩ් එකක නවතා තිබෙනවා.

ත්‍රීරෝද රථයේ සිටි තරුණියගේ සහෝදරයා සහ රියදුරු වූ පෙම්වතා ත්‍රී රෝද රථයෙන් බැස යන අතර තනිවූ තරුණිය වෙත යම් තරුණයන් පිරිසක් පැමිණෙනවා.

මොවුන් එදින කුරුනෑගල මාලිගා පිටියේ තිබූ නිදහස් පක්ෂ 65 වන සංවත්සර උළල වෙත පැමිණි මීරිගම ප්‍රදේශයේ තරුණයන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම තරුණිය අසළට පැමිණෙන මෙම තරුණයන් ඇයට උසුලු විසුලු කරමින් ඇගේ අතින් ඇදීමට උත්සහ කර තිබෙනවා.

එවිටම තරුණියගේ සහෝදරයා සහ පෙම්වතා එතැනට පැමිණ තිබෙන අතර දෙපිරිස අතර එතැන යම් ගැටුමක් ඇතිවී තිබෙනවා.

ඉන්පසුව අසළ සිටි පිරිස් පැමිණ තත්වය සමතයකට පත් කර තිබෙන අතර පසුව මොවුන් පැමිණි ත්‍රීරෝද රථයේ නැගී ආපසු යෑමට පිටත්ව තිබෙනවා.

නිදහස් පක්ෂයේ සංවත්සර උළල නිසා එදින කුරුනෑගල ප්‍රදේශයේ පැවති තිබෙන්නේ දැඩි රථ වාහන තදබදයක්.

ත්‍රීරෝද රථයේ ගමන් කළ පිරිස මෙම රථ වාහන තදබදයට හසුවද්දි ,ගැටුම ඇති කරගත් තරුණයන් පිරිස නැවතත් ඔවුන්ට මුණ ගැසී තිබෙනවා.

පසුව සමතයකට පත්වූ ගැටුම නැවතත් ඇතිවී තිබෙන අතර මෙම තරුණිය ගැටුම මැදට පැන සමතයකට පත්කිරීමට උත්සහ ගෙන තිබෙනවා.

පසුව මෙම පිරිස එම තරුණියටත් පහර දී තිබෙනවා.එම අවස්ථාවේ පොලිස් නිළධාරීන් පිරිසක් එතැනට පැමිණෙන අතර ගැටුම සමතයකට පත්කර තරුණිය ඇතුළු පිරිස එතැනින් පිටත් කර අරිනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධව තරුණිය හා තරුණියගේ මව පොලීසිය වෙත කට උත්තරයක් දී ඇති බවත්,ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම අනවශ්‍ය බව පැවසූ බවත් පොලිස් ආරංචි මාර්ග පවසනවා.