Monday, December 23, 2024

General line - 0115112241

පියා පුතා සහ තවත් අයෙකුට තොන්ඩුව




පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ තිදෙනෙකුට නුවරඑළිය මහාධිකරණය අද මරණ දඩුවම නියම කළා. මෙලෙස මරණ දඩුවම නියම වූ තිදෙනා එකම පවුලේ පියා, පුතා සහ තවත් ඥාති පුත‍්‍රයෙක්.

අදාළ පුද්ගලයන් 2003 වසරේදී තලවකැලේ ඩයගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු කපාකොට ඝාතනය කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් ආගරපතන පොලීසිය චූදිතයන්ට එරෙහිව නඩු පවරා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

දීර්ඝ කාලයක් තිස්සේ පැවති නඩුවේ තීන්දුව ලබාදෙමිනුයි මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා මෙලෙස මරණ දඩුවම නියම කළේ.