Monday, December 23, 2024

General line - 0115112241

ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ආරක්ෂාවට පොලීසියෙන් 1800ක්




කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර අද (09) පැවැත්වෙන අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේ ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන් එක්දහස් අටසිය දෙනෙකු යොදවා තිබෙනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙසිය පනස් දෙනෙකුද ඒ සදහා යොදවා ඇති බවයි.

අද පැවැත්වෙන තරගය නැරඹීම සදහා කී‍්‍රඩාලෝලීන් තිස්පන් දහසකට වැඩි පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්‍ෂා කෙරෙනවා.