Friday, September 20, 2024

General line - 0115112241

‘ජම්පරයට‘ බහින්න පෙර දුමින්ද බන්ධනාගාර අධිකාරි සමග කළ සාකච්ඡාව



භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙන් මරණ දඬුවම හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබා තිබෙනවා.

දුමින්ද සිල්වා මේ වනවිට රදවා සිටින්නේ එහි බී 3 වාට්ටුවේයි.

මේ අතරින් විත්තිකාර දෙමටගොඩ චමින්ද පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයට මාරු කර යැවූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

කෙසේ වෙතත් නඩු තීන්දුවෙන් පසු වැලිකඩ බන්ධනාගාරයට රැගෙන එනු ලැබූ දුමින්ද සිල්වා හැර සෙසු විතිත්තිකරුවන් තිදෙනාට ඒ මොහොතේම දඬුවම් ලැබූ සිරකරුවන් වෙත ලබා දෙන ඇඳුම් වන ජම්පරය ලබාදී සිරමැදිරියට යවා ඇතත් දුමින්ද සිල්වා කෙළින්ම ගොස් ඇත්තේ බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලය වෙත බව මේ වන විට වාර්තාවනවා.

මරණ දඬුවම නියම වූ හෝ වෙනත් කිසිදු සිරකරුවකුට බන්ධනාගාරය ඇතුළත වෙනත් ස්ථානයකට යෑම බරපතල වරදක් බවයි එහි නිලධාරීන් පවසන්නේ.

බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලයේ පැයක පමණ කාලයක් රැඳී සිට එළියට පැමිණි පසු දුමින්ද සිල්වා ට ජම්පරය ලබාදී පසුව සිර මැදිරියට රැගෙන ගොස් තිබෙන බවයි වාර්තාවන්නේ.