Thursday, September 19, 2024

General line - 0115112241

පුත්තලමෙන් අතුරුදන් වූ දරුවා හමුවෙයි – ඉන්දියානුවෙක් අත්අඩංගුවට!




පුත්තලම වාන පාර ප‍්‍රදේශයේදී අතුරුදන්ව සිටි දරුවා පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මෙම සිද්ධියට සම්බන්ධ බව කියන ඉන්දියානු ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

දරුවා සොයාගෙන ඇත්තේ ද ඔවුන් සමග සිටියදීයි.

සිය නිවසේ සෙල්ලම් කරමින් සිටියදී ඊයේ පෙරවරු 10.30ට පමණ දරුවා අතුරුදන්ව තිබුණා.

මෙම පිරිමි දරුවා සිව් හැවිරිදි වියේ පසුවනවා.